අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ නිධන්වස්තු තැන්පත් කිරීම අද

    ජූලි 25, 2016
    මොරගහකන්ද කළුගඟ ප්‍රධාන වේලේලේ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරේ.
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතය.
     
    මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අති දැවැන්ත ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මාතලේ , අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000ක් සඳහා යල මහ දෙකන්නයේ ජලය සැපයෙන අතර ම පවුල් 130,000කට තිරසර ආර්ථික ප්‍රතිලාභ හිමි වේ. 
     
    මෙම ජලාශය මගින් ඉදිවන කිලෝමීටර් 78ක ඇළ මාර්ගය ඔස්සේ හුරුළු වැව ප්‍රදේශයටත් අනතුරුව මහකනදරාව, මිහින්තලය , කැබිතිගොල්ලෑව ආදි ප්‍රදේශ දක්වාත් වාරි ජලය සැපයෙන අතර වාර්ෂික ව මෙට්‍රික් ටොන් 3000කට අධික මිරිදිය මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට ද බලාපොරොත්තු වේ. 
     
    එමෙන් ම වාර්ෂික ව විදුලි නිෂ්පාදනය සඳහා වැයවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336ක් ඉතිරි කරමින් මෙගා වොට් 25ක විදුලිබල ධාරිතාවක් ද ජාතික විදුලිබල පද්ධතියට එක්වෙනු ඇත. අනුරාධපුර, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා පානීය ජල පහසුකම් ද සැපයෙනු ඇත.
    ඇමෙරිකානු ඩොලර් මිලියන 1400කට අධික ආයෝජනයක්  වන මොරගහකන්ද කළු ගඟ බහු කාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි 2007 වසරේ දී ආරම්භ කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya