අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මහබැංකු නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි Featured

    ජූනි 30, 2016

    රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29)  මහබැංකුවේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීමේදී ආර්ථික විශේෂඥයින්, විද්වතුන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ නිදහස් අදහස් ලබා ගැනීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා මෙහිදී කාර්ය මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළේය.

     

    ශක්තිමත් ආර්ථිකයක් ඇති සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී සියලු පාර්ශවවල කි‍්‍රයාකාරි සහභාගිත්වය රජයට අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරින්, උපදේශකවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සමඟ පැවති මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග මෙන්ම ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ ජනාධිපතිතුමා ඉදිරියේ දීර්ඝ වශයෙන් අදහස් ප‍්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

     

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya