අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි Featured

    මැයි 02, 2016

    එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද (02) සිට සංශෝධනය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙතෙක් 11%ක් ලෙස ක්‍රියාත්මක වූ එකතු කළ අගය මත බද්ද 15% දක්වා ඉහළ නැංවීම සිදු වන බවත් දැනට 2%ක මට්ටමේ පවතින ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයෙහි වෙනසක් නොවන අතර බද්දට යටත්වීමේ සීමාව සහ බදු නිදහස ලැබෙන ක්ෂේත්‍ර සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    එකතු කළ අගය මත බද්ද තුළ බදු අනුපාත වෙනස් වීම වර්තමානයෙහි පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැම සිදු වේ.

    තොග හා සිල්ලර වෙළෙඳාම බද්දට යටත් වීම තවදුරටත් ක‍්‍රියාත්මක වන අතර බදු නිදහස් සැපයුම් සිදු වන අතර බදු පනතේ පළමු උප ලේඛණයේ දෙවන කොටසේ සඳහන් භාණ්ඩ සැපයීම මත වූ බද්ද ඉවත් කෙරේ.  

    බද්දට යටත් වීමේ සීමාව අනුව වර්තමාන බද්දට යටත් වීමේ සීමාව  රුපියල් මිලියන 100ක් වූ තොග හා සිල්ලර වෙළෙඳාම මත සහ රුපියල් මිලියන 3.75ක් වූ  අනෙකුත් දේ වන අතර කාර්තුවකට රුපියල් මිලියන 3 හෝ වර්ෂයට (මාස 12ට) රුපියල් මිලියන 12 දක්වා පහත හෙලනු ලැබේ.

    විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත‍්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත‍්‍ර සෞඛ්‍ය සේවා සැපයීම් සඳහා පැවති බදු නිදහස ඉවත් කර තිබේ.

    අදින් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම ජාතිය ගොඩනැගීමේ බදු අනුපාත වෙනස් වීම සිදු වන අතර වර්තමානයෙහි පවතින බදු අනුපාතය වන 2% නොවෙනස්ව පවතී.

    බද්දට යටත් වීමේ සීමාව වර්තමාන බද්දට යටත් වීමේ සීමාව වන  රුපියල් මිලියන 3.75 හෝ දේශීයව නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන හැර ඇතැම් කර්මාන්ත සඳහා වූ රුපියල් මිලියන 25 සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනු ලැබේ.


    මේ අනුව දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම කෙසේ වෙතත් මෙම බදු සංශෝධන ඖෂධවලට සහ අධ්‍යාපනයට කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (01) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.


    ඊට අමතරව අත්‍යාවශ්‍ය භාණ්ඩ කෙරෙහි බල නොපාන අයුරින් මෙම සංශෝධන සිදු කර ඇති බව ඒ මහතා පෙන්වා දුන් අතර සාමාන්‍ය ජනතාවගේ දෛනික භාණ්ඩ සහ සේවා අවශ්‍යතා සඳහා ඇති බලපෑම අවම වන ආකාරයෙන් සංශෝධන සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya