මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලද ජයග්‍රහණය යථාර්ථවත් කර ගැනීමට කැපවීම මැයි දින අධිෂ්ඨානයයි – ජනපති Featured

    මැයි 01, 2016

    නිදහසේ ප්‍රවේශය ඔස්සේ නව ආර්ථික හා දේශපාලන අවකාශයකට පියවර තබමින් වැඩ කරන සමස්ත ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ලද ජයග්‍රහණය යථාර්ථවත් කර ගන්නට කැපවීම අපේ මැයි දින අධිෂ්ඨානය බවට පත් කර ගනිමු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට (01) යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    ලොව මැයි දිනය සැමරීම තුළින් සිය අසහාය ගරුත්වය පිරිනමන්නේ දහදිය කඳුළට බවත් එදිනට පෙළගැසෙන හැම ධජයක්ම ඉහළට එසැවෙන්නේ ජීවරුධිරයෙන් ප්‍රාණය ලැබූ ආශ්චර්යයවත් දහදිය කඳුළට ප්‍රණාමය පළ කරනු පිණිසයයි ද සිය පණිවිඩයෙන් ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    නිෂ්පාදනය නම් දැවැන්ත යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කම්කරු ශ්‍රමය නම් කුඩා දැති රෝදයන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළින් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා ලෝකය ඉදිරියට තබන සෑම පියවරක් පාසාම කවර හෝ ශ්‍රමිකයෙකුගේ වෙහෙස මහන්සිය විසින් වැගිරූ දහදිය කඳුළක තෙතමනය සලකුණු වී තිබෙන බව ද සඳහන් කරයි.

    සමස්ත කම්කරු ජනතාවට ජයග්‍රහණහී මෙන්ම තම අයිතීන් සුරක්ෂිරත වන උණුසුම් මැයි දිනයක් වේවායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටි.

     

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya