අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක්

    අප්‍රේල් 28, 2016

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කෙරිණි.

    මීට පෙර ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වූ සී .බී .රත්නායක මහතාෙග් සහෝදරයා වන අාර්.එම්. එස්. බී. රත්නායක මහතා නුවරඑළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ඉකුත්දා (26) පත් කරන ලදී.

    හිරියාල ආසන සංවිධායක ලෙස පත් කෙරුණේ වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික මහතායි.

    කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා මහතා සහ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පත් කර තිබේ.

    කළුතර දිස්ති‍්‍රක් සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා මහතා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ මහතා ද, කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර මහතා ද, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න මහතා ද, මහනුවර දිස්ති‍්‍රක් සංවිධායිකා ලෙස දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද පත් කර තිබෙන අතර බෙන්තර – ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න මහතා සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුන් ද පත්ව සිටි.

    එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය ආසන සංවිධායක ලෙස ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    නව සංවිධායකවරුන් අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවාදී නිර්මල දේශපාලනයක් සදහා සියල්ලන් කැපවිය යුතු බවයි.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට ගරු කරමින් දූෂණය සහ වංචාව පිටුදකිමින් රට සහ ජනතාව වෙනුවෙන් වූ තම වගකීම් හදුනාගෙන මනා අවබෝධයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා නව ආසන සංවිධායකවරුන්ගෙන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya