අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය වැටලීම් ගැන පොලිස්, සුරා බදු, රේගු ආගමන විගමන නිලධාරීන් දැනුවත් කෙරේ

    අප්‍රේල් 29, 2016

    ශ්‍රී ලංකාවේ සීග්‍රව ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම් වළක්වා අදාළ වැටලීම් කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්, සුරා බදු, රේගු හා ආගමන විගමන නිලධාරීන්ට අධිකරණ කටයුතු පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා රජයේ රසපරික්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නීතිමය පියවරයන් කඩිනමින් ගැනීමේ විශේෂ වැඩමුළුවක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    පසුගිය කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් සිදු කළ ආකාරය හා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ඉතා සුක්ෂම ලෙස ගෙන්වීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන උපක්‍රම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරිණි.

    එසේම සාමාන්‍ය මහජනතාවගේ දෛනික කටයුතුවලට සම්බන්ධ ආහාරපාන, භාණ්ඩ හා සේවා, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හීදි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ භාවිතා කළ හැකි විවිධ උපක්‍රම පිළිබඳව මෙහිදී දැනුවත් කළ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මෙම පරීක්ෂණ පිළිබඳව හා එම පරීක්ෂණ සාර්ථක කරගැනීමට පොලීසියෙන් හා මෙම නිලධාරීන්ගේ ලැබිය යුතු සේවාවන් පිළිබඳව ද මෙහිදී දැනුවත් ක  අතර, ඉදිරියේදී මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පහසුවන උපක්‍රම පිළිබදව දැනුවත් කල  බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.


    එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සාක්ෂි සටහන් කරගැනීමේ සිට අධිකරණ කටයුතු සිදුකිරීම දක්වා අපරාධකරුවන් නීතියේ රැහැනෙන් ගැලවීමට ඉඩ නොදී නීතිමය කටයුතු  නිවැරදිව ඉටුකිරීමට සාක්ෂිකරුවන්ගේ සටහන් තබා ගැනීම, නඩු භාණ්ඩවල සුරක්ෂිතභාවය, නඩු භාණ්ඩ ගබඩා කිරිම හා විද්‍යාත්මක රසායනාගාර පරීක්ෂණ පිළිබඳ නිවැරදි අවබෝධය යනාදී තොරතුරු මත පදනම්ව සාධාරණ සැකයින් තොරව ඔප්පු කිරීමේ  අධිකරණමය ක්‍රියාදාමය මනා අවබෝධයකින් හා වැටහීමකින් සිදු කිරීම සඳහා මෙම නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    පසුගිය කාලපරිච්ඡේදයේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කර තිබෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    විශේෂයෙන් ඇෆ්ගනිස්ථානය හා මෙක්සිකෝව පදනම් කරගෙන සිදු කෙරෙන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ලෝකයේ බොහෝ රටවලට බෙදා හැරීම සදහා ප්‍රධාන මුහුදු ප්‍රවාහන මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය භාවිත කර ඇති බැවින් එය වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ නව රජය ඒකාබද්ධවෙමින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට රජය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ සඳහා පොලිස්, සුරා බදු, රේගු හා ආගමන විගමන නිලධාරීන් මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේ ද සහය අවශ්‍ය වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, රජයේ රස පරික්ෂක සකුන්තලා තෙන්නකෝන්, අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya