මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සිසුන් පිරිසක් ශ්‍රී ලංකා සංචාරයක Featured

    පෙබරවාරි 03, 2016

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන චාරිකාවට සහභාගි වී සිටින චීනයේ Little Master රජයේ පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් පරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය නැරඹීමට ඊයේ එක්ව සිටියහ. එහිදී එම සිසුන් පිරිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද හමු වූහ.

    චීන- ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලක්ෂිත රත්නායක මහතාගේ ඉල්ලීමක් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂිකා පුෂ්පා විජේසූරිය මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම සිසුදරුවන් පිරිසට අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීමේ සහ අමාත්‍යාංශය නැරඹීමට අවස්ථාව උදාවී ඇත.


    චීන රජයේ පාසල් ක‍්‍රියාත්මක වන ආකාරය සහ ශ‍්‍රි ලංකාවේ පාසල් පිළිබඳ නිරීක්ෂණයට ලක් වූ තොරතුරු පිළිබඳ බොහෝ අදහස් චාරිකාවට පැමිණ සිටි දරුවන් කියා සිටියා. චීනයේ අනාගත මාධ්‍යවේදීන් බිහිකරන පාසලක් වන මෙම Little Master පාසල නියෝජනය කරමින් පැමිණ සිටි මෙම දරුවන් ශ‍්‍රී ලංකාවේ දී තමන්ගේ රටේ දී දකින්නට නොහැකි වූ නිල්වන් අහස, තරු පිරි අහස දකින්නට ලැබීම ගැන සතුටට පත්වන බව එම පිරිස ප්‍ර‍කාශ කළහ.

    චීනයේ ප‍්‍රාථමික පන්තිවල දරුවන්ට පෙරවරු අටට ඇරඹෙන පාසල සවස 3.30 ට අවසන් වන අතර ඉන් අනතුරුව ක‍්‍රීඩා, සෞන්දර්ය කි‍්‍රියාකාරකම් වෙනුවෙන් පාසලේ සවස 6 හෝ 7 වන තෙක් රැුඳී සිටීමට සිදුවන බවත් චාරිකාවට එක්ව සිටි දරුවන් කියා සිටියා.

    මෙම සිසුන් කණ්ඩායමට 1-4 ශ්‍රේණිවල සිසුන් 17 දෙනෙකු එක්ව සිටි අතර, Little Master පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ මව්පියන් 21 දෙනෙකු ද එක්ව සිටියා. පැමිණ සිටි සියලු සිසුදරුවන් වෙත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සමරු තිළිණ ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya