අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවක්

    අගෝස්තු 29, 2015
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන අටවන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පසුගිය 27 හා 28 දින වලදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත් විණි.
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සමුළුවේ තේමාව වනුයේ "වෘත්තීය ගුණාංග ධාරණය කිරීම තුළින් ජාතික සංවර්ධනය ඇතිකිරීම" යන්නයි.
    මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගි වූ අතර එහි මූලාසන දේශනය ද ඒ මහතා විසින් පවත්වන ලදී.
    දේශීය සහ විදේශීය වෘත්තීයවේදින්, ශාස්ත්‍රීයවේදීන් හා විවිධ අංශයන්ගෙන් පර්යේෂණ පවත්වන ලද සහ නිපුණතාවයන් දක්වන ලද උගතුන් රාශියක් මේ සඳහා සහභාගි වූ අතර මෙවර සමුළුව තුළින් ඉතා ඵලදායි දැනුම් සම්භාරයක් එක් කර ගැනීමට අවස්ථාව සැලසිණි.
    මෙවර සමුලුවේ විශේෂත්වය වනුයේ මීට පෙර පැවති සමුළුවන්හි සාකච්ඡාවට බදුන්වූ විෂය ක්ෂේත්‍රයන්ට වඩා පුළුල් වූ ක්ෂේත්‍රයන් රාශියක් පිළිබඳව වඩාත් සාරගර්භ කතිකාවතක් ගොඩනැගීමට අවකාශය සැලසීමයි. පහත දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන් 9ක් ඔස්සේ මෙවර සමුළුව ක්‍රියාත්මක විය.
    ඒ ආරක්ෂක හා උපක්‍රමික අධ්‍යයනය, ඉංජිනේරු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, මූලික සහ ව්‍යවහාර විද්‍යාව, සම සෞඛ්‍යය විද්‍යාව, නීතිය කළමනාකරණය, සමාජ විද්‍යාව හා මානව ශාස්තර විෂයයන්, නිර්මිත පරිසරය සහ අවකාශ විද්‍යාව යනාදීය වේ.
    මෙම සමුළුව සමාන්තර සැසි සහ කාර්මික සැසි වශයෙන් ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් යටතේ පැවත්විණි. මූලික සැසි තුළදී ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ප්‍රාඥයන් සහ වෘත්තීයවේදීන් විසින් ඔවුන් සිදුකරන ලද පර්යේෂණ ආශ්‍රිතව ඉදිරිපත් කෙරිණි.
    මෙම සමුළුව සඳහා විවිධ විෂය ක්ෂේත්‍රයන් අනුසාරයෙන් සිදුකරන ලද පර්යේෂණයන්හි සංෂිප්ත වාර්තාවන් 500 කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වවිද්‍යාලය වෙත ලැබුණු අතර ඉන් 450 ක් තෝරා ගැනීමෙන් අනතුරුව ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂණ 306 ක් තෝරාගන්නා ගෙන තිබේ.
    මෙවර සමුළුව සඳහා ආරාධිත දේශකයන් 40 ක ප්‍රමාණයක් සහභාගී වන අතර 300 කට අධික විද්වතුන් ප්‍රමාණයක් සිය ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය. මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ඉන්දියාව, පකිස්තානය, සිංගප්පුරුව, බංග්ලාදේශය, මැලේසියාව, මාලදිවයින, පිලිපීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් නියෝජනය කරමින් විද්වතුන් රාශියක් සහභාගි වූහ.
    සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාපතිවරුන්, විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් අතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya