මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලෛමන්නරම් ජැටිය, ඉල්ලුපයිනඩවායි, පෙරියමඩු නගරවලට අද හිරු මුදුන් වෙයි

    අගෝස්තු 30, 2015

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද  (30) දහවල් 12.12 තලෛමන්නරම් ජැටිය, ඉල්ලුපයිනඩවායි සහ පෙරියමඩු යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේද  තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැක.

     

    සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

     

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya