මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    අගෝස්තු 29, 2015

    CIM Examination September - 2015 විභාගය ලබන 01 වැනි දා සහ 02 වැනි දා දිනවල කොළඹදී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    NCC Examination September - 2015 විභාගය ලබන 01,02,03 තෙදින කොළඹදී පමණක් පැවැත්වේ.

     

    II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන දෙව කාර්යක්ෂමතා කඩඉම් විභාගය- (පැරණි නිර්දේශය) (2015) (I) සැප්තැම්බර් 06 වැනිදී කොළඹ දී පමණක් පැවැත් වේ.

     

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපඥ සේවයේ 2 වන පන්තියේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2015 විභාගය සැප්තැම්බර් 06 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

     

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (1)2015 විභාගය සැප්තැම්බර් 12 වැනිදී තෝරා ගත් නගරවලදී පමණක් පැවැත් වේ. මේ සඳහා අයදුම්කරුවන් 4732ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරිවාස / වැඩ බලන සහකාර පොලිස් අධිකාරිවරුන්/වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය -2015 (I) විභාගය සැප්තැම්බර් 13 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

     

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011 (II) 2015 විභාගය සැප්තැම්බර් 19 වැනි දා දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පැවත් වේ. මේ සඳහා අයදුම්කරුවන් 7,286ක් සුදුසුකම් ලබා සිටිති.

     

    II ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශ)- 2015 (I) සැප්තැම්බර් 19 වැනිදා කොළඹ දී පමණක් පැවැත් වේ.

     

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 විභාගය සැප්තැම්බර් 19 සහ 20 දෙදින තුළ කොළඹ දී පමණක් පැවැත් වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya