මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමසාරිස්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

    ජූනි 30, 2015
    නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ
     
    පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ දින සිට ඡන්දය ගණන් කිරීම දක්වා වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී මෙම උපදෙස් ලබා දී තිබේ.
     
    ඒ මහතා ප්‍රකාශ කළේ නාම යෝජනා භාර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම උපදෙස් ලබා දිය යුතු බවට ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බවයි. 
     
    නාමයෝජනා කාලය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කටයුතු කරන ලෙසත් කිසිදු අවස්ථාවක පෙළපාලී පැවැත්වීමට ඉඩක් නොදිය යුතු බවටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
     
    මානප අංක ලබාදීම කඩිනම් කිරීම වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දිනයේ සිංහල අකාරාදි පිළිවෙළට සකස් කළ නාම යෝජනා ලේඛන කඩිනමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබීමට සලස් වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව මොහොමඩ් මහතා සඳහන් කළේය.
     
    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කිරීමේ දී අ.පො.ස. උසස් පෙළ විභාගය පැවත්වෙන පාසල් යොදා නොගෙන ඒ සඳහා වෙනත් ස්ථාන යොදා ගැනීමට කටයුතු සැලසුම් කරන ලෙසත් නැතිනම් අගෝස්තු 13 වැනි දායින් පසු එවැනි ස්ථාන සකස් කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya