අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සෞඛ්‍ය සේවාව ලෝකය ආදර්ශයට ගන්නවා - ඇමැති රාජිත

    මැයි 29, 2015
    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයම ආදර්ශයට ගත් ඉහළ පිළිගැනීම් ඇති කලාපීය වශයෙන් මුල්තැන සිටින බවත් සුළු අඩුපාඩු පෙන්වා දී එය කඩා වැටීඇති බව ප්‍රකාශ කරන ඇතැම් පිරිස් සිටින බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ළදරු මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය වශයෙන් අඩුම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දුන් අමාත්‍යවරයා 1993 පෝලියෝ තුරන් කිරීමට හැකි වූ අතර 2012 වන විට මැලේරියාව තුරන් කිරීමට හැකි වූ බව ද පෙන්වා දුන්නේය.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර එන්නත් හා ප්‍රතිශක්තියේ ලෝකයේ දියුණු රටවල නැති මට්ටමින් 99%ත් 100% අතර තිබෙන බව ද සඳහන් කළේය.
     
    එක් පිළිකා රෝගියෙක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 25ක් එක් වසරකදී වියදම් කරන බවත් පිළිකා සඳහා විශේෂ බෙහෙත් වර්ග අවශ්‍ය වූ විට රුපියල් මිලියන දෙක හමාර දක්වා රජය වියදම් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    එවැනි තත්ත්වයක් තුළ ඖෂධ හිඟයක් ඇති බවට බොරු ප්‍රචාර ගෙන යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.   
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya