අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත ඡන්ද දායකයින්ට ඉදිරි මැතිවරණයේදී විශේෂ පහසුකම් Featured

    මැයි 29, 2015

    ආබාධිත සහිත හා වැඩිහිටි තැනැත්තන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ලබන මැතිවරණයේ සිට ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති අතර එහිදී කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

    කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරීන් හරහා මෙරට ආබාධිත හා දෘෂ්‍යාබාධිත පුද්ගයින් පිළිබඳ තොරතුරු රැස් කරන බවයි.

    පඩිපෙළ්වලින් ගමන් කිරීමට තිබෙන ඡන්ද මධ්‍යස්ථාන සඳහා එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුල් වීමේ ගේට්ටුව ළඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් සකස් කිරීම සිදු වන බවත් ඉදිරියේදී සෑම කෙනෙකුටම පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    මීට අමතරව ඡන්ද මධ්‍යස්ථානයේ පිවිසුම් ස්ථානයේ සිට ඡන්දය ලකුණු කිරීමේ ස්ථානයට වැඩිදුර ප්‍රමාණයක් ගමන් කිරීමට තිබෙන විට විශේෂ අවසරයක් මත එම ස්ථානය වෙත යාමට පෞද්ගලික වාහනයක් භාවිත කළ හැකිය.

    මීට අමතරව ඊළඟ මැතිවරණයේදි රජයේ වියදමින් ඡන්දය මධ්‍යස්ථානයේ පිවිසුම් දොර ළඟ සිට ඡන්දය ලකුණු කිරීමේ ස්ථානයට යාම සඳහා ත්‍රීරෝද රථයක් යෙදවීමට අපේක්ෂා කරන බව ද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

    මේ වන විට ඡන්ද දායකයින්ගෙන් 15%ක් එනම් පුද්ගලයින් ලක්ෂ 10ක් ආබාධිත හා වැඩිහිටි තත්ත්වයේ පසුවන බව පෙන්වා දුන් ඒ මහතා 2030 වන විට වැඩිහිටි ජනගහනයේ වර්ධනයත් සමඟ එය 25% දක්වා වැඩිවන බවට වාර්තා වන බව ද පැවසීය.

    මේ වන විට ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආබාධිත හා වැඩිහිටියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් සකස් කර තිබෙන බව ඌව පළාත් සභා මන්ත්‍රී සෙනරත් අත්තනායක මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya