මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි නිවාරණ සතිය අද සිට

    මැයි 31, 2015
    නිරෝගිමත් දරු පරපුරක් හා වැඩිහිටි පරපුරක් බිහිකිරීමේ උතුම් අරමුණින් අද (31) සිට ජුනි 06දා දක්වා දුම්වැටි නිවාරණ සතියක් රජය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
     
    මෙම සතියක කාලය පුරාවට විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින්  ප්‍රාදේශීය ශාසනාරක්ෂණ මණ්ඩලවලින් හා ප්‍රා‍දේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.
     
    ඒ යටතේ මෙම සතිය පුරා ශාසනාරක්ෂක බලමණ්ඩල, විහාරස්ථාන හා දහම් පාසල් මගින් දුම්වැටි නිවාරණය ක්‍රියාත්මක කිරීම, විහාරස්ථාන හා පිරිවෙන් ඉදිරිපිට දුම්පානය පිළිබඳ රූපමය අවවාද ඇතුළත් පුවරු සවිකිරීම, මෙම කාලය තුළ ස්ව කැමැත්තෙන් දුම්වැටි අළෙවි කිරීමෙන් වලකින ලෙස භික්ෂූන් වහන්සේලා හා දහම් පාසල් දරුවන් විසින් වෙළෙඳසැල් හිමියන්ගෙන් කාරුණික ව ඉල්ලීම් සිදු කිරීම, දුම්වැටි විරෝධී චිත්‍ර, පෝස්ටර් තරග දරුවන් අතර  පැවැත්වීම, කථික තරග පැවැත්වීම, දුම්පානයේ ආදීන ව පිළිබඳ ව දේශන හා වැඩමුළු පැවැත්වීම සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya