අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මැතිවරණ ක්‍රමයක්

    අප්‍රේල් 23, 2015
    නව මැතිවරණ ක්‍රමයක් යටතේ එළැඹෙන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් නව ක්‍රමය යටතේ සුළු ජාතීන් නියෝජනය පක්ෂවලට මෙන් ම සුළු පක්ෂවලට වර්තමානයේ පවතින අවස්ථාවන්ට වඩා වැඩි අවස්ථාවක් ලබාදීමට හැකි වෙතැයි ද කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    මේ අනුව සෑම ආසනයකට මන්ත්‍රීවරයෙකු මෙන් ම සුළු ජාතික හා කුඩා පක්ෂවලට ආසනයක් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් යටතේ ක්‍රියා කොට පසුව ඊටත් වඩා හොඳ ක්‍රමයක් වෙත යන බවත් පෙන්වා දුන්නේය.
     
    19වන සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලය ලබාගැනීමට සම්පූර්ණ උත්සාහයක් ගන්නා බවත් මෙම අවස්ථාව මගහැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙකු නොහැකි බවත් අමාත්‍යවරයා කීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya