අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව 26, 27 කොළඹ දී

    අප්‍රේල් 23, 2015

    2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26, 27 දෙදින කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත.

    මුදල් අමාත්‍ය රවි කරුණානායක, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 27වෙනිදා සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතය.

     

    කලාපයේ ප්‍රාග්ධන වෙළඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩ නඟා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම සමුළුවේ අරමුණු අතර වේ.

     

    දකුණු ආසියානු කලාපීය කොටස් හුවමාරු සංගමයෙහි වර්තමාන සභාපති බංග්ලාදේශ චිතගොන් ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති ආචාර්ය මුහම්මුද් අබ්දුල් මාසිඩ් සහ එහි වර්තමාන ලේකම් පකිස්තාන ලාහෝර් ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී අෆ්තාබ් අහමඩ් යන මහත්වරුන් විසින් මෙහි මුලසුන හොබවනු ලැබේ.

     

    දේශසීමා හරහා ලැයිස්තුගත කිරීම් , නියාමන අනුකූලත්වය තත්වයන් මගින්  වාසි අත් කරගැනීම හා ආර්ථිකය වර්ධනය කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කොටස් හුවමාරු භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ආයෝජන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයතන, ආයෝජන විශේෂඥයන් සහ නියාමන හා වෙළෙඳපොළ ප්‍රධානීන් සඳහා විශේෂ අවස්ථාවක් ලෙස දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්, ලෝක බැංකු දත්ත වලට අනුව 2000 හා 2012 අතර 6.7% ක් සාමාන්‍ය වර්ධනයක් වාර්තා වූ කලාපයේ පවත්වන දකුණු ආසියානු ආයෝජන සමුළුව හැදින්විය හැක.

     

    ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ හා විශේෂයෙන් යහපාලනය, විනිවිදභාවය හා කලාපීය සහයෝගීතාව පිළිබඳ එකී ප්‍රදේශවල ආයෝජක විශ්වාසනීයභාවය ඇති කිරීමේ අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීමට මෙම සමුළුව තෝතැන්නක් වනු ඇත.

     

    ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මුරුසිය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ භූතානය යන රටවල ව්‍යාපාර වස්තු හුවමාරුවන්හි සභාපතිවරුන් ප්‍රධාන විධායක නිලධාරීන් හා පර්යේෂණ නිලධාරීන් සමුළුවට සහභාගී වන අතර කලාපීය ආයෝජන බැංකු තැරැව්කාර සමාගම් මෙන්ම තාක්ෂණික සැපයුම්කරුවන් ද තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya