මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    අප්‍රේල් 24, 2024

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්විය.


    එහිදී ඉදිකිරීම් සිදුවන මහව දුම්රිය ස්ථානය, ගල්ගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ, ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිවන ගල්ගමුව, කාසිකොටේ- ගැටදිවුල ප්‍රදේශය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කෝන් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ඒ. කේ. සිං මහතා මෙම ව්‍යාපෘතියේ සහ වනජීවී උමං මාර්ගයේ විශේෂ නිරීක්ෂණයක් සඳහා මෙම අවස්ථාවට එක්ව සිටීමද විශේෂත්වයකි.
    අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු සහකාර වාණිජ අධිකාරී කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රයේ නිරීක්ෂණයකද නිරත වූ අමාත්‍යවරයා මේ වන විට භාවිතයට නොගෙන වසා තබා ඇති ගොඩනැගිලි කිහිපයක් ඉදිරියේදී අනුරාධපුරය වෙත පැමිණෙන වන්දනාකරුවන්ගේ ආහාරපාන ලබා ගැනීම සඳහා, සනිපාරක්ෂක කටයුතු සඳහා සහ පොහෝ දිනයන් හි සිදුකෙරෙන දන්සැල් කටයුතු සඳහා නොමිලේ ලබාදීම සඳහා වැඩපිළවෙක් සකස් කරන ලෙසද නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.
    මෙම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ, ඉරකොන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන සාමාන්‍යධිකාරී ගුරු චඩ්චා මහතා,දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන )එන්. ජේ.ඉඳිපොලගේ මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya