මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහය දෙන බව ජපානය කියයි

    අප්‍රේල් 18, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපනායේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සමග සාකච්ජාවක් පැවැත්විණි.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව එහි දී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය අගය කෙරුණු බවයි සේමසිංහ මහතා පැවසුවේ.  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය එහි දී පැසසුමට ලක් වූ අතර විශේෂයෙන්ම නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඒ මහතා පැවසූ බව සේමසිංහ මහතා පැවැසීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව  සාකච්ඡා කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහි දී සහතික කෙරිණි.

     

    මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනය හි කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා සමග ද අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර රටේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට සහ තවත් ආයෝජන සිදුකිරීමට ජාත්‍යන්ත මුල්‍ය සමායතනය කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටන බවත් උප සභාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya