අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරව

    අප්‍රේල් 17, 2024

    භාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

    අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයා හා සර්වෝදය සමගද සාකච්ඡා කරනු ලැබීය.

    සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (17) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

    පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණු ඒ මහතා මියයන 93 වැනි වියේ පසු වුණි.

    1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

    කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා 1950 දශකයේදී එතුමාගේ සංකල්පයකට අනුව බිහි කළ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya