අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හෙට(15) වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී

    අප්‍රේල් 14, 2024

    සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය  හෙට(15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කරනු ලබන අතර එදින පෙරවරු 10.17ට යෙදෙන සුබ නැකතට හිස තෙල් ගෑමේ උත්සවය ආරම්භ වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.

    එසේම අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකත් චාරිත්‍රය වන පැළ සිටුවීම 18 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේදී පැවැත්වෙන බවත් එය ‘මුරුංගා දිනය’ ලෙස අමාත්‍යාංශය මගින් නම්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

    ඒ අනුව එදිනට අධිපෝෂණීය මෙන්ම ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැළ කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් පැළ සිටුවීම සඳහා අවශ්‍ය මුරුංගා පැළ 18 වැනිදා ගංගාරාම විහාර පරිශ්‍රයේදී අවශ්‍ය අයට ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya