අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මීපිලිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

    අප්‍රේල් 14, 2024

    නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

    පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

    අද පෙරවරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු තරග කිහිපයක් නැරුඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්‍රාහයකයන්ට ත්‍යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

    අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්‍රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.

    මීට සමගාමීව දිවයින පුරා බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත.
    පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්‍රමාණයක් සංවිධානය කර තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.

    මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya