මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

    අප්‍රේල් 13, 2024

    ලක්වැසි ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටිති.

     

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලක්දිව වැසියන් වන අප හට සුවිශේෂී අත්දැකීමකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම මූලික කරගනිමින් සිංහල දෙමළ අවුරුද්ද ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම උත්සවාකාරයෙන් සමරනු ලබති.

    එකම සුභ නැකැත් වේලාවන්ට අනුකූලව සිංහල හා දෙමළ ජාතික ශ්‍රී ලාංකීකයින් විශේෂ දෛනික කටයුතු සිදු කරමින් නව වසරකට ගමන් කිරීම සංස්කෘතිකාංග පිරිවරාගනිමින් සිදු කරනු ලැබීම මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ විශේෂත්වයයි.

    2024 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

    ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 11.06 ටය.

    නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

    මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya