අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අද සිට අඩු මිලට

    අප්‍රේල් 09, 2024

    එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

    උත්සව සමය වෙනුවෙන් දිගින් දිගටම තුන්වරක් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමු අතර මෙය සිව්වන වරට කරනු ලැබූ මිල අඩු වන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල්වලින් අද (09) සිට මෙම භාණ්ඩ මිලදී ගත හැකි වේ.

    වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය මෙලෙස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල මිල පහත දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව, වියලි මිරිස් කිලෝ එකක් රුපියල් 850.00ක්, බී ලූණු කිලෝ එකක් (චීනයෙන් ආනයනය කරන ලද) රුපියල් 375.00ක්, බී ලූණු කිලෝ එකක් (ඉන්දියාවෙන් ආනයනය කරන ලද) රුපියල් 445.00ක්, බී ලූණු කිලෝ (පකිස්ථානයෙන් ආනයනය කරන ලද) එකක් රුපියල් 445.00ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 680.00ක්, පකිස්ථානයෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝ එකක් රුපියල් 165.00, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 298.00ක්, සුදු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 189.00 ක් වශයෙන් නව මිල සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya