අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 20 දා ඇරැඹෙයි

    අප්‍රේල් 08, 2024

    අපොස උසස් පෙළ ගෘහ විද්‍යා විෂයට අදාළ ප්‍රායෝගික පරික්ෂණය ලබන 20 වනදා සිට 29 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 39කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර  පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අයදුම්පතෙහි සදහන් ලිපිනයට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයෙක් සිටී නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද මේ පිළිබඳ විමසිය හැකියි.

    විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.

    434820954 984391676580701 6782427300821036252 n

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya