මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 18 වනදා පැළ සිටුවීමේ දිනය ‘මුරුංගා දිනය’ ලෙස නම් කරයි.

    අප්‍රේල් 05, 2024

    සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති අතර, එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ(04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
    එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම දිනය ‘මුරුංගා දිනය’ ලෙස නම් කර තිබෙනවා. එදිනට අධිපෝෂණීය මෙන්ම ඉතා ඉහළ ඖෂධීය වටිනාමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැල කරන ලෙස අප සියළු ජනතාවට ආරාධනා කර සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya