අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංජිනේරු ක්ෂේත්‍රයේ බුද්ධිගලනය රටට ගැටලුව ක් - රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශිය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත්

    මාර්තු 30, 2024

    රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඊයේ (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී පැවැති "රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ" 43 වන වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි.

    විදේශීය ඉංජිනේරුවන් ට, නොදෙවෙනි ලෙස කුසලතා සහිත ඉංජිනේරුවන් අප රටේ සිටින බවත්, එසේ සිටිය දී අත්‍යවශ්‍ය තත්ත්වයක් හැරෙන්නට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ සේවය ලබාගැනීම වැදගත් නොමැති බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

    " ලෝකයේ බොහෝ රටවල් විදේශ ණය ලබා ගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා. අපිත් එහෙමයි. ඇතැම් ණය දෙන ආයතන කොන්දේසි පනවනවා, ඒ සංවර්ධන ව්‍යාපෘති වලට විදේශ උපදේශකයන් ගේ සේවය ලබා ගන්න කියල, ණය ගන්නෙ අපි, ණය ගෙවන්නෙත් අපි, ඒ නිසා විශාල මුදල් ගෙවා අපට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදෙස් අවශ්‍ය නැහැ. අපේ රටේ දක්ෂ ඉංජිනේරුවො ඉන්නවා. ඔවුන්ගේ සේවය අපේ රටට ලබා ගන්න පුළුවන්. මම වාරිමාර්ග අමාත්‍යාංශය භාර ගත්තට පස්සෙ ණය දෙන විදේශ ආයතන සමඟ තිබුණ සාකච්ඡා වලදී අපට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන අවශ්‍ය නොමැති බව පෙන්වා දුන්නා. වර්තමානයේ අප මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉංජිනේරුවන් රට හැර යාම වර්ධනය වී තිබෙනවා, ඊට හේතුවී ඇත්තේ සිය වෘත්තීය ගරුත්වය ට සහ ජීවන තත්ත්වය ට සරිලන ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඔව්න්ගේ උසස් වීම් අහිමි කර තිබීමයි. රාජ්‍ය ඉංජිනේරු සේවාව තුළ පවතින තනතුරු 1520 කින් තනතුරු 376 ක් මේවන විට පුරප්පාඩු වී තිබෙනවා, ඉංජිනේරුවන් විදේශ ගත වීම ගැටලුව ක්, මෙම තත්ත්වය කඩිනමින් මඟ හරවා ගැනීම සඳහා ජනාධිපති තුමා ඇතුළු රජය, සහ විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්න මම බලාපොරොත්තු වෙනවා,
    වර්තමානයේ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය යන ආයතන මෑත යුගයේ විශාල සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම හරහා වාරි පෝෂිත කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී තිබෙනවා, එම ව්‍යාපෘති වල ප්‍රතිලාභ ලබන බහුතර ගොවි ජනතාව යොමු වී සිටින්නේ ගොවිතැන සඳහා පමණයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි, අපනයනය පදනම් ක‍රගත්, වානිජ කෘෂිකර්මාන්තය සඳහා ගොවි ජනතාව යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්, ඒ තුලින් රටට අවශ්‍ය ආහාර රට තුළ නිෂ්පාදනය කර විදේශයන්ට ඇදී යන විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගත හැකියි"
    යැයි ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

     

    මෙම අවස්ථාව ට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු, විද්‍යාජෝති, ආචාර්ය ඒ. ඩී.එස්. ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය උපදේශක සිසිර වික්‍රමාරච්චි මහතා, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු බී කුමුදුලාල් මහතා, එහි ලේකම් ඉංජිනේරු එල්. එස් සූරිය බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය ඉංජිනේරු සංගමයේ නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya