මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යමහෝත්සවය හා පෙරහැර මංගල්‍ය මෙවරත්

    අගෝස්තු 16, 2023

    73 වන වරටත් පවත්වනු ලබන බෙල්ලවිල ඇසළ පෙරහැර පුන්‍යෝත්සවය හා පෙරහැර මංගල්‍යය මෙවරත් වීථි සංචාරය  කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලවිල රාජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පවසති.

    උන් වහන්සේ මේ බව පැවසුවේ, බෙල්ලවිල ඇසළ පෙරහැර පුන්‍යෝත්සවය හා පෙරහැර මංගල්‍යය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    වසර 73ක කාලයක සිට මේ දක්වා නොකඩවා මෙම පෙරහැර මහනුවර ඇසළ පෙරහැරට සමගාමිව සිදු කෙරෙන බවත්, අපේ පැරණි සංස්කෘතික පදනම,බුදු දහම, බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් මෙම පෙරහැර මඟින් දේශිය හා විදේශිය නරඹන්නට ලබා ගත හැකි වන බව පුජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැවසූහ.

    මෙම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ,අලුත් පරම්පරාව පෙරහැරේ චාරිත්‍ර විධි අවබෝධ කර ගැනිමට හැකි බවත්, ලංකාව පුරා විසිරි සිටින නර්තන ශිල්පීන්ට මෙය හොඳ වේදිකාවක් බවය.

    හෙට දින (17) පාවඩ පෙරහැර මංගල්‍යය පැවැත්විම සිදු කෙරෙන අතර ධාතූන් වහන්සේ ලා පිටතට වඩම්මා , වීදි සංචාරය කිරිමටත්, සතර දේවාලවල පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.එසේම 18 වන දින පෙරහැරේ විශේෂ අවස්ථාවක් වන රන්සිවිලි පෙරහැර හා දේවාභරණ පෙරහැරේ වරඩමවිම සිදු කෙරේ.19 වන දින අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරයේ යෙදෙන අතර අගොස්තු 20 වන දින දිය කපන පෙරහැර මංගල්‍යයෙන් හා දේව දානයෙන් පෙරහැර මංගල්‍යයෙන් ඇසළ පුණ්‍යමහෝත්සවයේ කටයුතු නිමාවට පත් වෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya