මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සිට මිහින්තලයට නව දුම්රිය මාර්ගයක් - ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 16, 2023

    අනුරාධපුර සිට මිහින්තලය දක්වා ඇති කිලෝමීටර් 11 ක් වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් අලුත්වැඩියා කෙරෙමින් තිබෙන අතර එය ලබන ජනවාරි මස 05 වන දා විවෘත කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    හිටපු ජනපති ප්‍රේමදාස රණසිංහ මහතා විසින් සාදා මේ වන විට අත් හැර ඇති මෙම දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා අනුරාධපුර සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලින් ඉතිරි වූ භාවිතයට ගත හැකි සිල්පර කොටන් සහ යකඩ භාවිත කරමින් කිලෝමීටර එක හමාරක් පමණ විදේශ ණය ලබා ගැනීමකින් තොරව සිදු කළ බව ඒ මහතා සඳහන් කළේය.

    ලොව වැඩිම පුද පූජා වලට ලක් වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ව ඇතැම් ත්‍රීරෝද රථ වලින් බැතිමතුන් බලහත්කාරයෙන් නංවාගෙන අසාධාරණ ලෙස ගමන් ගාස්තු ලබා ගැනීම්, එම ප්‍රදේශයේ කිසිඳු මඟියෙකුට බයෙන් හා සැකෙන් තොරව ගමන් ගැනීමට නොහැකි වීම ආදී කරුණු පිළිබඳව අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ ගෙන් ද තමන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවත් හෙතෙම මෙහි දී පැවසීය.

    මීට පෙර ද අනුරාධපුර සිට මිහින්තලයට නව දුම්රියක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධව තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවත්, ඇතැම් පිරිස් විසින් මෙම ක්‍රියාව නතර කිරීමට කටයුතු කළ අතර ලංගම විසින් බැතිමතුන් ප්‍රවාහනය කිරීමේ දී ද මෙවැනිම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු වූ බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම අනුරාධපුරය වන්දනා කරන බැතිමතුන්ව දුම්රිය පොළේ සිට අනුරාධපුරය දක්වා ලංගම මඟින් බැතිමතුන් ප්‍රවාහනය කර සවස්වරුවේ නැවත දුම්රිය පොළට රැගෙන යාමේ ප්‍රවාහන ක්‍රමයක් මීට පෙර පැවති අතර එය මඟීන්ට ඉතාම සාධාරණ මෙන්ම වියදම් අතිනුත් සාධාරණ විය.

    නමුත් කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා එය තවකාලිකව නවත්වන ලද නමුත් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය පියවර ගෙන ලබන පෝය දවසේ සිට නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya