මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝගී දැයක් උදෙසා සුවධරණී - සුරුදරුවෝ කොළඹ නාලන්දාවෙන් ඇරඹෙයි 

    අගෝස්තු 16, 2023

    රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ මානසික සුවතා වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙන අතර එම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කොළඹ නාලන්දා විද්‍යාලයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ  ප්‍රධානත්වයෙන්  (15) දින පැවැත්විණ.

     

    සුවපත් දැයක් උදෙසා ගුණවන්ත, දක්ෂ, ක්‍රියාශිලි, බුද්ධිමත්, කුසලතා පූර්ණ ආධ්‍යාත්මික දරුවන් බිහි කරලීම උදෙසා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේ නිර්මාතෘ, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ භාවනා අංශයේ උපදේශක පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමු වීම වළක්වාලීම, මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාස වලින් සමන්විත මෙම  සුවධරණී - සුරුදරුවෝ වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබෙන අතර එහි ප්‍රථම අදියර ලෙස බස්නාහිර පළාතේ පාසල් ඉලක්ක කර ගනිමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය එක්ව ක්‍රියාත්මක කරයි.

    කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති මෙම සමාරම්භක වැඩසටහන සඳහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා දර්ශනී රණසිංහ, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පාසල් දරුවන් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya