මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන්

    අගෝස්තු 07, 2023

    අනපේක්ෂිත වැසි රහිත කාලගුණික තත්වය නිසා කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්විණි.

    එහිදී අඛණ්ඩව විදුලිබල සැපයීමක් ලබා දීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව සහ අනපේක්ෂිත කාලගුණික වෙනස්කම් අතරතුර පවා ඒ වෙනුවෙන් ලබාගත හැකි විකල්ප පියවර ලබාගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පැහැදිලි කරන ලදී.

    අඛණ්ඩව විදුලිබල ලබාදීම සදහා විදුලිබල මණ්ඩලය පූර්ව සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය හෙයින්, කාලගුණික වෙනස්වීම් නිසා උද්ගතවන තත්වයන් සම්බන්ධයෙන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද අවශ්‍යතාවයන් කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කලේය.

    තවද අනපේක්ෂිත වැසිරහිත කාලගුණික තත්වය යටතේ අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමටත් , පානීය අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමටත් හැකියාව සොයාබලා ඒ සදහා වන විකල්ප යෝජනා හතරක් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර විදුලිබල උත්පාදන සදහා අවශ්‍ය විකල්ප තීරණ ගැනීමට සහ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදී.

    මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා, විදුලිබල මණ්ඩලයේ සභාපති , විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ නිලධාරීන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වූහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya