මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද සිට 11 දක්වා රැස්වේ

    අගෝස්තු 08, 2023

     2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය අද

     ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙට

     “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය අගෝ. 10 වැනිදා

    පාර්ලිමේන්තුව අද (අගෝස්තු 8 වැනිදා) සිට 11 වැනිදා දක්වා රැස්වෙයි.

    එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

    මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අගෝස්තු 08 වැනි අඟහරුවාදා ( අද ) පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වේ.

    අගෝස්තු මස 09 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.

    අනතුරුව ප.ව. 5.00ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

    අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

    අගෝස්තු මස 11 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව, පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම ( චමින්ද විජේසිරි මහතා), රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම ( බුද්ධික පතිරණ මහතා), ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම ( කෝකිලා ගුණවර්ධන මහත්මිය), පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම ( නීතිඥ සාගර කාරියවසම් මහතා) ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා) සහ විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම ( චමින්ද විජේසිරි මහතා) යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා එදින ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya