මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික උෂ්ණත්වය නිසා ඔබට කම්පන තත්ත්වයන් ඇතිවිය හැකියි - ප්‍රධාන හෙඳ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා

    අගෝස්තු 07, 2023

    මෙම දිනවල පවත්නා දරාගැනීමට නොහැකි අධික උෂ්ණත්වය හේතුවෙන් (Heat Stroke) මිනිසුන් අතර කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව සඳහන් කළේ, ඊයේ (06) මාධ්‍යයට අදහස් දක්වමිනි.

    මේ දින වල සිරුර සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද, විහේෂයෙන්ම කපු ඇඳුම් අඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය තදවුණු ඇඳුම් නොව බුරුල් ලා පැහැති ඇඳුම් අඳින ලෙසද අවදාරණය කළාය.

    නිරන්තරයෙන්ම පිපාසයට ජලය පානය කරන ලෙසද උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් බවද කියාසිටි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය දැඩි අවු රශ්මිය ඇති විට හැකි තරම් ආරක්ෂිතව සිටිනා ලෙසද පැවසුවාය.

    අවු රශ්මිය සහ උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑමක් ඇතිවන්නේ නම් හෝ හුස්ම ගැනීමේ අපහසුවක්, ශාරීරික විඩාවක් වැනි අපහසු තත්ත්වයකට නිරාවරණය වනවානම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු කරා යන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya