මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවත්නා අධික උෂ්ණත්වය - වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන්න

    අගෝස්තු 07, 2023

    පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

    ඔහු මේ බව පැවසුවේ, ඊයේ (07) මාධ්‍යයට අදහස් දක්වමිනි.

    දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බව කියා සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම මෙවැනි උෂ්ණාධික කාල වලදී වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබාදිය යුතු බව අවධාරණය කළේය.

    කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ ආදී දෑ පානය කිරීම විජලනය වළක්වාගැනීම සඳහා වැදගත් වන බවද, අධික රස්නය හේතුවෙන් හිසරදය, වමනය, නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ඇතිවීම මෙන්ම ආහාර රුචිය අඩුවීමද දරුවන් අතර දැකිය හැකි බව පැවසුවේය.

    මෙවැනි කාල වල වතුර නොබී දරුවන් පාසල් යාමෙන්, සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඒ හැමදෙනාටම විජලන තත්ත්වයන් සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව සඳහන් කළේය. ඇතැම්විට වළිප්පුව වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකි බවද පැවසුවේය.

    මෙවැනි උෂ්ණාධික තත්ත්වයක් යටතේ දරුවන්ට සමේ රෝග වැඩිවිය හැකි බවද, දාඩිය බිබිළි, දද වැනි දෑ වැඩිපුර වතුරේ නොසිටීමෙන් ඇතිවිය හැකි බවද අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසද, නිරන්තරයෙන් දරුවන් නෑවීම, දවසකට දෙවරක් හෝ නෑවීම වැදගත් බවද විනාඩි 20ක් පමණ එක් වරකට වතුරේ තැබීම කළයුතු බවද එමගින් සමේ රෝග අවම කරගැනීමේ හැකියාවක් පවතින බවද සඳහන් කළේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya