මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සුවහස් මල් දැක්ම' මහනුවර ගැටඹේ නගර සභා ක්‍රීඩාංගනයේ දී

    අගෝස්තු 07, 2023

    පේරාදෙණිය උද්භිත උද්‍යානය අධීක්ෂණය මහනුවර සුවහස් මල්හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබු 'සුවහස් මල් දැක්ම' මහනුවර ගැටඹේ නගර සභා ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) විවෘත විය.

    මෙම මල් දැක්ම අගෝස්තු මස 1 දා සිට 5 දින දක්වා පැවැති අතර, සාමාන්‍ය වෙළඳපොලේ අලෙවිය සහ ප්‍රදර්ශනයට ඇති මල් වර්ග වලින් වෙන් වු සුවිශේෂී මල් පැල සහ මල් වගාව ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍ය සහ පලතුරු පැල මෙහිදී ජනතාවට ලබාගැනීමට අවස්ථාව හිමි විය.

    මෙම ප්‍රදර්ශනය අලෙවිකුටි 80 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත ව පැවති අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කුඩා හා මධ්‍යම පරිමාණ
    ව්‍යවසායකයින් දිරිගන්වමින්, මල් වර්ග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන වෙළද පොල සදහා යොමුකිරීම මගින් විශාල විදේශ විනිමයක් රට තුලට ගෙන ඒමට අවස්ථාව පවතින බවත් ඒ ඔස්සේ එම ව්‍යාවසායන්ගේ ජීවත තත්ත්වය සංවර්ධනය කිරීමට ද එමගින් අවස්ථාව හිමි වන බවත් ය.

    දේශීය වශයෙන් මල් වගාකරුවන්ට සිය නිෂ්පාදන අලෙවිකිරීම සදහා උචිත ස්ථානයන් හදුනාගෙන ඒ සදහා වැඩසටහනක් සකස් කිරීම ද සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

    ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් පී.එන් විජේරත්න, සුවහස් මල් මල්හිමියන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී ප්‍රේමලාල්, ලේකම් ලක්ෂි උක්වත්ත, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධීක්ෂණ නිලධාරී යු.ඩී. පලිපාන, ,මල් වගා පර්යේෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රිකා ජයවීර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් විය.
    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya