මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය" නමින් පාසල් ළමුන් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක්

    අගෝස්තු 07, 2023

    රටේ අනාගතය වන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බවට පත් කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව "සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය" නමින් පාසල් ළමුන් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා ඇත.

    මෙහි මූලික අදියර බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන අතර ඒ සඳහා දායක වන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උදෙසා සතිමත්භාවය ඇති කිරීම පිළිබඳ භාවනා යෝගී පුහුණුව ලබා දීම දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේදී පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් (04) දින සිදු කෙරිණ.

    පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමු වීම වළක්වාලීම, මනා විනයකින් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කරලීම උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

    අඑම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්, බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya