මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව එළවළු ප්‍රභේද දෙකක් - බිම්මල් නව ප්‍රභේදයක් හඳුන්වාදෙයි

    අගෝස්තු 07, 2023

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව එළවළු ප්‍රභේද දෙකක්, බිම්මල් නව ප්‍රභේදයක් හා සෝයාවලින් නිෂ්පාදිත ප්‍රෝටීන් බහුල සෝයා යෝගට්  හදුන්වා දී තිබේ.

    ඒ අනුව ජාත්‍යන්තර වෙළෙදපොලට උචිත මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තක්කාලි හා බෝංචි ප්‍රභේදයන් දෙකක් අහ නව බිම්මල්ප්‍රභේදයක් මෙලෙස හඳුන්වා දී ඇත.

    මීට අමතරව ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලිය හැකි ප්‍රෝටීන් බහුල සෝයාවලින් නිෂ්පාදිත යෝගට්විශේෂයක් ද එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම් නිපදවා තිබේ.

    මෙම නව හදුන්වා දීම ජනගත කිරීම පසුගියදා ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරමහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

    Hordi Bean 03 නමින් හැදින්වෙන බෝංචි විශේෂය වැඩි අස්වැන්නක් ලබා දෙන දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි බෝංචිවිශේෂයකි. හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 27ක අස්වැන්නක් මෙම බෝංචි ප්‍රභේදය මගින් ලබා ගත හැකිය.

    හඳුන්වා දෙන ලද Hordi පොකුරු තක්කාලි ප්‍රභේදයේ ඝණ ඵලාවරණයක් පවතින බැවින් අනෙකුත් තක්කාලිවලට වඩා ආරක්ෂිතව තබාගැනීමේ කාලය වැඩි වේ. එමෙන්ම සෝස් හා ජෑම් නිෂ්පාදන සදහා ඉතාමත් උචිත වන අතර ආහාර පාරිභෝජන ආකර්ෂණය සඳහා ඉතාමත්උචිත තද රතු පැහැයකින් යුක්තය. හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 67ක අස්වැන්නක් ලබා ගත හැකිය.

    Hordi Musgroom Curly නව බිමිමල් ප්‍රභේදය ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි බිම්මල් ප්‍රභේද දෙක මිශ්‍ර කිරීමෙන් නිපදවා ඇති බවප්‍රභේදයක් වන අතර එහි ප්‍රෝටීන් බහුලය.

    එසේම සෝයා යෝගට් නිෂ්පාදනය මෙතෙක් නිපදවා නැත. පළමුවරට සෝයා ආශ්‍රිතව නිපදවන ලද සෝයා යෝගට් කෘෂිකර්මදෙපාර්තමේන්තුව හදුන්වා දී තිබේ. ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දීම සඳහා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිතමෙම සෝයා යෝගට් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම නව නිපැයුම් හදුන්වා දීමේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේවිද්‍යාඥයින් ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවෙනි නිෂ්පාදන රැසක් මේ වනවිට නිපදවා ඇති බවත් ඒවා ජනගත කිරීම සදහා මේ වනවිටපියවර ගෙන ඇති බවත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya