මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය බවට පත් කර ගත හැකියි

    අගෝස්තු 05, 2023

    ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය බවට පත් කර ගත හැකිබවත්, නියම ථෙරවාදී බුදු දහමේ හරය බටහිර රටවලට හඳුන්වා දීමෙන්, එම රටවල් සමග මනා සබඳතාවයක් ගොඩ නගාගැනීමට සහ ඒ හරහා එම රටවල සහයෝගය මෙරටට ලබා ගැකි බව, කැලණිය විශ්ව විද්‍යලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂඨ මහාචාර්ය කතිකාචාර්ය සමන් සංජීව පතිරණ මහතා පැවසීය.

     

    ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සහ බුදුදහම පෝෂණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂඨ මහාචාර්ය කතිකාචාර්ය සමන් සංජීව පතිරණ මහතා මේ බව සඳහන් කළේය.


    වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා පැවසුවේ,

    "බටහිර රටවලට නියම ථෙරවාදී බුදු දහම හඳුන්වා දුන්නොත් යුරෝපා රටවල් සමග මනා සබඳතාවයක් ඇති කර ගත හැකියි. ඒම රටවල් හරහා විශාල සහයෝගයක් මෙරටට ලබා ගැනීමට හැකියි. විශේෂයෙන් පෙර දිගටත් වඩා අපරදිග රටවලට මෙම නියම ථෙරවාදී බුදුදහමේ හරය ලබා දිය හැකියි .

    අද වන විට බොහෝ රටවල මිනිස්සු තමාගේ සාමාජීය යහපතවෙනුවෙන් බුදු දහම වැළඳගෙන තිබෙනවා. අද වන යුරෝපා රටවල වෙසෙන කෝටිපති ව්‍යාපාරිකයින් ඔවුන්ගේ අසහනකාරී තත්වය මර්ධනය කර ගන්න තායිලන්තය වගේ බෞද්ධ රවටලට යනවා. එහි තිබෙන භික්ෂූ ආරාම වලට ගොස් සල්ලි වියදම් කරලා බණ දහම හදාරලා නැවත තමන්ගේ රටට එනවා. මෙම ථෙරවාදී බුදු දහම ඉස්මතු කරලා ගතහොත් යුරෝපයේ තිබෙන ධනවතුන්ට, අසහනයට පත් ජනතාවට නව සංකල්පයක් හඳුන්වා දිය හැකියි. අපිට නටබුන් පෙන්නල වගේම මෙයිනුත් ආදායමක් ඉපයිය හැකියි. අති ධාවනකාරී ජීවිතයක් තිබෙන බටහිර රටවලට නිර්මල බුදු දහම හඳුන්වා දීමෙන් එම රටවල් සමග හොඳ සබඳතා ගොඩ නගා ගත හැකියි.

     

    මෙම මාධ්‍ය හමුවට එක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය විමල් හේවාමානගේ මහතා පැවසුවේ, බුදුදහමේ උරුමය සම්බන්ධයෙන් මේ වන විට ආසියානු රටවල් විශේෂ සාකච්ඡා ඇති වී තිබෙන බවයි. අද වන විට ඉන්දියාව බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට කටයුතු කරමින් සිටින බවත්, චීනයද බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමට උත්සාහ දරමින් සිටින බවයි.

    ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, පෞඩ ඉතිහාසයක් තිබෙන අපේ රටට මෙහිදී ක්‍රමවත්ව ස්ථානගතවුවහොත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් කර ගත හැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya