මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට ඉඩක් නැත -ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 04, 2023

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රම්ත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, සිය තුර්කි සංචාරයේදී තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමුවූ අවස්ථාවේදීය.

    මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා සහ අමාත්‍ය ගුලර් මහතා අතර බහුවිධ වේදිකා තුළ ද්විපාර්ශ්වික සහය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වන ලදි.

    මෙම හමුව සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ තුර්කි ආරක්‍ෂක නිලධාරීන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya