මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරානයේ සංචාරයක  

    අගෝස්තු 04, 2023

    ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා යොමු කළ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

    අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි මහතා හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. තවද, අමාත්‍යවරයා ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පවත්වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya