මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා- විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 03, 2023

    ප්‍රතිපත්තිමය වශයෙන් බටහිර රටවල් සමග සමීපව කටයුතු කළ යුත් බවත් ආර්ථිකමය වශයෙන් සියලු රටවල් සමග සම්බන්ධතා පැවැත්විය යුතු බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

    රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවයන්හි වත්මන් ප්‍රවණතා පිළිබඳ වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    ඉන්දියාව , චීනය , රුසියාව වැනි රටවල් ශ්‍රී ලංකාවට මානව හිමිකම් ගැටලුවලදී දේශපාලන රැකවරණ ලබා දුන් බව පෙන්වා දෙන රාජ්‍ය  අමාත්‍යවරයා, වෙන් වෙන් වශයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික,දේශපාලනික වශයෙන් සහය ලබා දෙන රටවල් වෙන් කර හඳුනාගත යුතු බවද පෙන්වා දුන්නේය.

    මේ වනවිට රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බව පවසන අමාත්‍යවරයා, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවෘතභාවයක් ඇති කර තිබීම මෙන්ම රජය විවෘතභාවයකින් කටයුතු කිරීම වැනි කාරණා පෙන්වා දිය හැකි බව පැවසීය. රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතවීම විදේශ ප්‍රතිපත්තියේ නව ප්‍රවණතාවක් බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වා ගත යුතු බවද කීය. එසේම ඉන්දියාව සමඟ පවතින සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතු බවත් යුරෝපා සංගමය සමගද පවතින සම්බන්ධතා ශක්තිමක් කර ගත යුතු බවත් හෙතෙම කියා සිටී.

    ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් අප්‍රිකාවෙන් උපකාර ලබා ගත හැකි බවත් එම රටේ භාවිත කරන සත්‍ය සෙවීමේ කොමීසම ශ්‍ රීලංකාවේ ඇති කළ යුතු බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ද මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

    විශේෂයෙන්ම රජය කැරිබියානු රටවල් සමග සබඳතා පැවැත්විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා,  එසේ ම ලතින් ඇමරිකානු රටවල් දිනා ගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. සාර්ක් කලාපයේ සියලු රටවල්වල සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පවසන ඒ මහතා විශේෂයෙන්ම ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya