මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශයට අනන්‍ය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක් 

    ජූලි 21, 2023

    දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වනු ලබන අතර එම වෛද්‍යවරුන් නියෝජනය කරනු ලබන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සහ දේශයට අනන්‍ය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ මඟපෙන්වීම මත දීපව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

    ඒ අනුව ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ සහ දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ සර්ප වීෂ වෙදකම ප්‍රවර්ධනය කිරීමේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) දින කිරුළපන සිතුමිණ ශාලාවේදී පැවැත්විණ.

    පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන සර්පයින් පිළිබඳ මහජනතාව අනියත බියක් සහ අකමැත්තක් දක්වන අතර ඒ පිළිබඳ ඇති දුර්මත හා අනවබෝධය නිසා සර්පයින් මරණයට පත් කිරීම තුළින් ඇතැම් සර්ප විශේෂයන්හි ගහණයන් සීඝ්‍රයෙන් පහළ යමින් පවතී. එමෙන්ම සර්ප දෂ්ඨනයකදී නිවැරදි ප්‍රතිකාර වලට යොමු නොවීම මත ජිවීත හානිද සිදුවන අවස්ථා වාර්තා වෙයි.

    දේශීය වෛද්‍යවරුන් නවීන ප්‍රතිකාර ක්‍රම මෙන්ම රටට අනන්‍ය දේශීය වෛද්‍ය සර්ප විෂ චිකිත්සා විධි ක්‍රම පිළිබද දැනුවත් කිරීම තුළින් එම උරුමයන් සුරකිමින් ඉදිරි පරම්පරා වෙත දායාද කරලීමේ අරමුණින් මෙම සර්ප විෂ විශේෂ පාරම්පරික වෛද්‍යවරුන් හා පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයින් දැනුවත් කිරීම සිදුකෙරිණ.

    මෙහිදී ශ්‍රී ලංකාවේ සර්ප සංහතියෙහි සත්ත්ව විද්‍යාත්මක සංකථනය, දේශීය සර්ප විෂ වෙදකමේ මහිමය හා අසිරිය, අගද තන්ත්‍රානුකූල සර්ප විෂ හරණ පිළිවෙත් හා නිවැරදි ලෙස සර්පයන් ග්‍රහණය කරන ආකාරය පිළිබදව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීම සිදුවිය.

    එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, අධ්‍යක්ෂ (සංවර්ධන) පී දයානන්දන්, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) චමල් තේනුවර යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාරම්පරික වෛද්‍යවරුන්, ශිෂ්‍යයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya