මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් දිගු කාලීන ඵලදායී වැඩපිළිවෙලක් සකස් කළයුතුයි-වනජීවී අමාත්‍ය

    ජූලි 21, 2023

    සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් පවත්වා දිගු කාලීන ඵලදායී වැඩපිළිවෙලක් සකස් කළයුතු බව වනජීවීහා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවන පරිදි වනෝද්‍යාන, පාරිසරික උද්‍යාන හා සංචාරකබංගලා අනෙකුත් ස්ථාන සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් මිලදී ගැනීම හා අනෙකුත් ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් පහසුකම් සැළසීම , ඒ සඳහාඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන ඒකාබද්ධ කිරීම යන කාරණා පිළිබඳව අවධානය යොමු කර තිබේ.

    එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ දෙස් විදෙස් සංචාරකයන්ට කල්වේලා ඇතිව සංචාරක බංගලා වෙන්කරවා ගැනීම, ජාතික වනෝද්‍යාන, පාරිසරික උද්‍යාන සහසත්වෝද්‍යාන සඳහා වන ප්‍රවේශපත් මිලදී ගැනීම වැනි දේ තමන් සිටින ස්ථානයේ සිටම පහසුවෙන් සිදුකර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමසම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එක් තැනකින් සියලු සංචාරක අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

    සියලු ක්ෂේත්‍රවල පහසුකම් සලසා දී වැඩි විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව ගෙන්වා ගැනීම මෙම සාකච්ඡාවේ තවත් අරමුණකි.

     

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya