අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය" නුවරඑළියේ

    නොවැම්බර් 13, 2014

    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන "ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ" නුවරඑළිය දිස්ත්‍රික් තරග අද (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    මෙම තරගාවලිය දිවයින පුරා පැවැත්වෙන අතර නුවරඑළිය දිස්ත්‍රික් තරගාවලියේ සමාරම්භක උලළෙල සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනී, නීතිඥ සුමනා ආරියදාස මහත්මිය සහභාගී වී සිටියා ය.

    මෙම විවාද තරගය සඳහා සිංහල සහ දෙමළ මාධ්‍ය නියෝජනය කරමින් පාසල් 16ක් සහභාගී වී සිටියහ. එමෙන් ම විනිශ්චය මණ්ඩලය සඳහා කලාප අධ්‍යාපන ගුරු උපදේශක මහත්ම මහත්මීන් ඇතුළුව නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ. අද දිනය පුරාවටම මෙම විවාද තරග පැවත්වීම සිදු කළ අතර ජයග්‍රහණය කරනු ලබන පාසල් ජාතික මට්ටමේ පාසල් තරගය නියෝජනය කිරීම සඳහා යොමු කිරීමට නියමිතය.

     1996 - අංක 17 දරන පාර්ලිමේන්තු පනත මඟින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථාපිත කොට ඇති අතර 2010 වසරේ සිට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මෙහයවීම මත මෙහි ක්‍රියාකාරිත්වය පවතී. ස්වයංරැකියා ලාභීන්, කලාකරුවන්, රියදුරන් සහ රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් නොලබන විශ්‍රාමිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සුරක්ෂිතභාවය ලබා ගත හැකිය.

    සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්, ගුරුභවතුන් රැසක් සහ නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් ඒ.ඒ.වී. සම්පත් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටිය හ.

    NDH/SH -dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya