අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 රාජ්‍ය සංගීත සම්මාන උළෙල අද

    නොවැම්බර් 14, 2014
    "2014 රාජ්‍ය සංගීත උළෙල" අද (14) පස්වරු 6.00ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    සුභාවිත සංගීත කලාවක හෙට දවස උදෙසා තම නිර්මාණ දායකත්වය සපයන නිර්මාණාත්මක සංගීත ශිල්පීන් රාජ්‍යමට්ටමෙන් අගය කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මගින්  තෙවන වරටත් සංවිධානය කරනු ලබයි.
     
    2014 රාජ්‍ය සංගීත උළෙලේ දී 2013 වසරේ  සංගීත නිර්මාණයන් අතරින් ප්‍රශස්තතම ගායනය (පිරිමි/ගැහැණු), ගී තනු හා සංගීත නිර්මාණය, ගේය පද රචනය, රූප රචනය, සංයුක්ත තැටිය, ළමා ගායනය (බාලක/බාලිකා), ළමා ගී තනු හා සංගීත නිර්මාණය, ළමා ගී රූප රචනය, ළමා ගී සංයුක්ත තැටිය, ජන ගායනය (ගැහැණු/ පිරිමි), ජන ගී නව නිර්මාණය, ගුවන් විදුලි සංගීත වැඩ සටහන හා කණ්ඩායම් ගීතය  ආදී  අංශ 21කින් සිංහල හා දෙමළ මාධ්‍යවල නිර්මාණ සඳහා  සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනමන අතර ශ්‍රී  ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කරන ලද අනූපමේය සේවය අගයනු වස් සංගීත නිර්මාණකරුවන් 9 දෙනෙකුට අනුස්මරණ සම්මාන 9ක්  පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුනිල් දයානන්ද කෝනාර, ගීත රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල, සරල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් අයිවෝ ඩෙනිස්, උත්තර භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් නිශාද් හඳුන්පතිරණ,  නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් එච්.එම්. ජයවර්ධන, සිනමා සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගලගෙදර එම්.එම්.ඒ. හක්, නාද ශික්ෂණය ක්ෂේත්‍රය වෙනුවෙන් මර්වින් බෙන්ස්,  දක්ෂිණ භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ෂන්මුගරාගවන්, බටහිර සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කොමදෝරු ජූඩ් පීරිස්  යන ශිල්පීන් සඳහා අනුස්මරණ පිරිනැමීම සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya