අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාමිණී ෆොන්සේකා දහවන ගුණ සමරුව

    සැප්තැම්බර් 29, 2014

    සිංහල සිනමාවේ අග‍්‍රගණ්‍ය රංගන ශිල්පියෙකු වූ ගාමිණී ෆොන්සේකා මහතාගේ දහවන ගුණ සමරුව පසුගිය සෙනසුරාදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

     
    ගාමිණී ෆොන්සේකා පදනම මඟින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවේදී ගාමිණීෆොන්සේකා මහතා විසින් රචිත කාව්‍ය ඇතුළත් "ගාමිණි ගී මිණි" නම් ග‍්‍රන්ථය සහ  ගාමිණී ෆොන්සේකා මහතාගේ රංගන දිවිය අළලා සැකසුණු "ප‍්‍රාග්ධනය" ග‍්‍රන්ථය දොරට වැඩීම ද සිදු විය. 

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත‍්‍රපට 111ක, වේදිකා නාට්‍ය 02ක සහ  ටෙලිනාට්‍යයක රඟපා ඇත. ගාමිණී ෆොන්සේකා මහතා ප‍්‍රතිභාපූර්ණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් සහ දක්‍ෂ ගීත රචකයෙකි. එසේ ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් සහ නියෝජ්‍ය කතානායක වශයෙන් ද කටයුතු කළ ඒ මහතා උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද දැරීය. 2004 සැප්තැම්බර් 30 වන දින ඒ මහතා අභාවප‍්‍රාප්ත විය. 

    අමාත්‍යවරුන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීහු රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH

    72

     

    115

     

    110

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya