අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය 78 වන සංවත්සරය සමරයි

    සැප්තැම්බර් 29, 2014

    ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී පැවැත්විණි.  


    1936 වසරේ ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ආරම්භ වී ඇති අතර මෙහි ආරම්භක සභාපතිවරයා බී.ඒ. හැමිල්ටන් මහතාය. ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ වෘත්තීය සමිතිය වශයෙන් කටයුතු කිරීම සහ වැවිලි ක්ෂේත‍්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු  කිරීම මෙම සමිතියේ අරමුණ වී ඇත. 

    අමාත්‍ය ගාමිණී ලොකුගේ, වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුරේෂ් නවරත්නම්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික නියෝජිත ඩොන් ලී මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ. 

    NDH

    106

     

    035

     

    093

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya