අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ පර්යේෂණවල සම්පූර්ණ ප‍්‍රතිඵල ළඟ දී ම

    සැප්තැම්බර් 26, 2014

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අතර ඇති වූ සහයෝගීතා ගිවිසුමක් යටතේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක් 2013 වර්ෂයේදී ආරම්භ විය.


    එහි මූලික පර්යේෂණ ප‍්‍රතිඵල මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබූයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය සහ පැට්‍රික් රොබට්ස් මහතා විසිනි.

    මෙහිදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා පරිභෝජනය කළ ආහාර, ඔහුගේ ජීවන රටාව, භාවිත කළ ගල් ආයුධ හා ඒවායේ තාක්‍ෂණය ආදිය පිළිබඳ පර්යේෂණ කළ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය පවසන්නේ නවීන තාක්ෂණික ක‍්‍රමවේදත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සියලු ම විද්‍යා හා තාක්ෂණික දැනුමත් මේ පර්යේෂණ කටයුතු සඳහා උපයෝගී කරගත් බවයි.


    එම පර්යේෂණයට අනුව නුදුරු අනාගතයේදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් ආහාර වර්ග හා ඔවුන්ගේ ආහාර හුරුපුරුදු හඳුනා ගැනීමට හැකි වනු ඇත.
     මීට සමගාමී ව පැට්‍රික් රොබට්ස් මහතා විසින් ලංකාවේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ  ජීවන තොරතුරු පිළිබඳ ව කූරගල, බටදොඹ ලෙන, බෙලි ලෙන හා පාහියන් ලෙන ආශ‍්‍රයෙන් පර්යේෂණ සිදු කරන ලදී. මෙහි දී විශේෂයෙන් ම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ දත් හා අස්ථි කොටස් පර්යේෂණයට ලක් කළ අතර, ඒ සඳහා ද නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ක‍්‍රමවේද භාවිත කර තිබේ. වඳුරන්ගේ දත් ආශ‍්‍රයෙන් ද අධ්‍යනයක් සිදු කර ඒ තොරතුරු ද මේ පර්යේෂණයට උපයෝගී කර ගත් බව රොබට්ස් මහතා තවදුරවත් සඳහන් කළේ ය. මේ සියල්ලේ ම මූලික වාර්තා දැනටමත් පුරාවිද්‍යා දෙපාර්තමේතුවට ලැබී ඇති අතර, පර්යේෂණවල සම්පූර්ණ ප‍්‍රතිඵල ළඟ දී ම එළි දැක්වීමට හැකි වනු ඇත. 


    පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ද හිටපු  පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ සහ අධ්‍යක්ෂ (වැ.බ.) නාමල් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමෙන් ද උක්ත පර්යේෂණ කටයුතු සිදු කෙරිණි. මෙම පර්යේෂණ කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් සම්බන්ධීකරණය කරනුයේ පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා විසිනි.  


    ECB    

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya