අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ සැණකෙළිය මහරගම දී

    සැප්තැම්බර් 25, 2014

    ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ සංවිධානයෙන් ඉදිරිපත් කරන ‘ඕර්සිනන්ස් රණ සේනා උදානය’ 2014 සංගීත ප්‍රසංගය ලබන 28 වැනිදා දක්වා මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 


    ඊයේ (24) සිට දින 05ක් පුරා පැවැත්වෙන මෙම සැණකෙළියේදී හමුදා සංදර්ශන, යුද්ධ හමුදා ප්‍රදර්ශන, පාසල් තූර්යවාදක තරග ඇතුළු සැණකෙළියක් සහ වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    මෙහිදී සංගීත සංදර්ශන, යුද්ධ හමුදාවේ සන්නද්ධ රථ, කාලතුවක්කු සංග්‍රාමික උපකරණ ඇතුළත් ප්‍රදර්ශන කුටි කමාන්ඩෝ භට පිරිස් ඉදිරිපත් කරන ජීවිතාරක්ෂක මෙහෙයුම්, සුනඛ සංදර්ශන ඇතුළත් යුද්ධ හමුදා ප්‍රදර්ශන අංගයන්, ළමුන් වැඩිහිටියන් සඳහා මාරක ළිඳ ඇතුළු විනෝද ක්‍රීඩා අංගයන් රෙදිපිළි, ගෘහ උපකරණ, විදුලි උපකරණ, අත්කම් භාණ්ඩ ආදී විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශන කුටි 185ට ආසන්න ප්‍රමාණයක් මෙහි පැවැත්වේ. 

     

    1949 සිට වසර 65ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකාය දශක 03ක් පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා භට කාර්ය සම්පාදනයේදී මහත් දායකත්වයක් දැක්වූ බලකායකි. එම ව්‍යායාමයේදී මෙම බලකායේ භට පිරිස් අතරින් විශාල පිරිසක් ජීවිත පූජාකර තිබේ. ඒ හා සමාන පිරිසක් තුවාල ලබා තිබේ. එම භට පිරිස්වල යැපෙන්නන් සඳහා උසස් ජීවන මට්ටමක් ලබාදීම මෙන් ම දැනට යුද්ධෝපකරණ බලකායේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් අවශ්‍ය ඉදිකිරීම් ක්‍රීඩා සහ සුබසාධක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අභිලාෂය ඇති ව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ අරමුණින් මෙම සංගීත ප්‍රසංගය ඇතුළු විනෝද මේලා පැවැත්වෙයි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya