අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලතිසිපුර සාහිත්‍ය කලා මහෝත්සවය අද

    සැප්තැම්බර් 23, 2014

    පුලතිසිපුර සාහිත්‍ය කලා මහෝත්සවය අද (23) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය සී.පී. ද සිල්වා අනුස්මරණ රංග ශාලාවේදී පැවැත්වේ.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක් ව මෙය සංවිධානය කර ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිතය.

     

    මෙහි සාහිත්‍ය දේශන, සංස්කෘතිකාංග, දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම සහ දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළත් "නිර්මාණී" කලා සංග්‍රහය එළිදැක්වීම ඇතුළු කාර්යයන් රැසක් මෙහිදී සිදු කෙරේ.

     

     

    මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, සංස්කෘති කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

     

    NDH/WK-BG- dmu polonnaruwa 

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya