අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ඒවිඒෂන් වොයිස්’ සඟරාව සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට

    සැප්තැම්බර් 19, 2014

    ගුවන් සේවා කර්මාන්තය අද ලෝකය පුරාවට මෙන් ම ශ්‍රී ලංකාව තුළද ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින කාර්යක්ෂම මෙන් ම සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යකි.


     අප රට තුළද ගුවන් තොටුපළ, නව ගුවන් යානා මෙන් ම රට අභ්‍යන්තර ගුවන් සේවාවන්ද ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. නමුත් මහජනතාව ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ දැනුවත්වීමේ සම්භාවිතාවය ඉතා අඩු බැවින් එම ගැටලුව මගහරවා ගැනීමේ අරමුණින් පසුගියදා ස්වේච්ඡා මාධ්‍ය කණ්ඩායමක් විසින් ‘ඒවිඒෂන් වොයිස්’ නමින් සඟරාවක් එළිදක්වන ලදි. 
    ඒවිඒෂන් වොයිස් සඟරාව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට පිළිගැන්වීම එම සඟරාවේ කළමනාකාර කර්තෘ චතුර රණවීර සහ කර්තෘ ගයංග විජේසේන විසින් ඊයේ (18) සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ලැබූහ.



    මෙම සඟරාව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙක ම භාවිත කරමින් නිර්මාණය කර ඇත. මෙම සඟරාව මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සම්බන්ධ සිදුවීම්, ඉතිහාසය, පුහුණු අවස්ථා, රැකියා අවස්ථා, උත්සව වැනි අවස්ථා, විශේෂ ලිපි වැනි තොරතුරු පළ කරනු ලබන අතර, සෑම මාස දෙකකට ම වරක් නිකුත් කිරීමට නියමිතය.

     

    වර්ණ පිටුවලින් සමන්විත මෙම සඟරාවේ මිල රු.200/-ක් වන අතර දිවයින පුරා පිහිටි සියලු ම සරසවි පොත්හල්වලින් ලබාගත හැකිය. නුගේගොඩ පිහිටි රුසියානු ප්‍රකාශකයින්ගේ දුයිෂෙන්ගේ පොත්හලෙන් ද ‘ඒවිඒෂන් වොයිස්’ සඟරාව මිලදී ගත හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0711277769 මගින් සංස්කාරක, චතුර රණවීර හෝ 0766769111 ඔස්සේ සහය සංස්කාරක ගයංග විජේසේන අමතා ලබාගත හැකිය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya